• 078-6251548
  • thelullajs2018@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

තෙළුල්ල විදුහල් මාතා !

 
දකුණුලකේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල අභය භූමියට නුදුරින් සදාහරිත වන රේඛාමැද්දෙන් ගලා යන ගං කොමළිය වටකරගත් සුන්දර තෙළුල්ල ග්‍රාමයේ පිහිටි අප පාසල ගුණයෙන් නැණයෙන් අභිමානවත්,ප්‍රතාපවත් දරු පිරිසක් දැයට දායාද කළ පුණ්‍ය  වූ විදුබිමකි.
විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ප්‍රාථමික හා ද්වීතික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර පස් වන ශ්‍රේණිය සහ එකොළොස්වන ශ්‍රේණියේ කඩඉම් විභාග වලින් විශිෂ්ට ප්‍රතිඵල පාසල හිමිකර ගෙන ඇත.
දැයට විශිෂ්ට පුරවැසියන් පිරිසක් දායාද කරමින් පාසල් මාතාවගේ නම රුහුණු මාගම් පත්තුවේ ඉහළටම ගෙන යාම අපගේ වෑයමයි.

Read More 

පාසලේ දැක්ම

අනාගත අභියෝග හමුවේ නිර්මාණශීලි හර විසඳුම් සොයා ගන්නා පරපුරක් බිහිකරමු.

අපගේ මෙහෙවර

දැනුම ආකල්ප හා කුසලතා වලින් අනාගත වැඩ ලෝකය ජයගත හැකි කාර්යශූර මානව හිතවාදී ගුණගරුක පුද්ගලයෙකු බිහිකිරීම.

නොවරදවාම කොවිඩ් එන්නත ලබාගන්න
කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට නිතරම ඔබේ දෑත් සෝදන්න
Card image cap 27 Oct2020
ඉහළ ශ්‍රේණිවල සිසුන්ට covid 19 එන්නත

රටෙහි පවතින covid 19 වසන්ගතය හමුවේ මේ වන විට රටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් ඇතිවී ඇත. නමුත් ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා covid 19 එන්නත ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට ලබාදීමට මේ වන විටත් කටයුතු සූදානම් වී ඇත. ඒ අනුව අදාළ සිසුන් එන්නත ලබාගැනීමට කටයුතු කල යුතු බව සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇත.

Card image cap 01 Oct2020
10/11 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වේ

covid වසන්ගතය  හේ්තුවෙන් වසා දමා තිබූ පාසල් වල 10,11,12,13  ශ්‍රේණි නොවැම්බර් මස 08 වන දින යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනම් දෙන ලදි. ඒ අනුව නැවුම් සිතින් පාසලට පැමණීමට සූදානම් වන ලෙස විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් දරු දැරියන්ට ආරාධනා...